
මහාචාර්ය එස්.බී.එස්.අබේකෝන් මැතිතුමා
මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමා
ගරු අමාත්‍යතුමා
කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ව නිෂ්පාදන අමාත්‍යාංශය, මධ්‍යම පළාත් සභාව

ජී.එච්.එම්.ඒ. ප්‍රේමසිංහ මහතා
ප්‍රධාන ලේකම්
මධ්‍යම පළාත් සභාව

චන්දන වික්‍රමසූරිය මහතා
මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්
ආයුබෝවන්
මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු.
ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම, සුළු වාරිමාර්ග, සත්ව නිෂ්පාදන හා සංවර්ධන, ගොවිජන සංවර්ධන, ධීවර, පරිසර, හින්දු සංස්කෘතික සහ වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට පිවිසීම පිළිබඳව ඔබට ස්තුතියි.
1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ 154අ වගන්තියට අනුව පළාත් සභා පිහිටුවන ලදී.
පොළොව නිසරුයිද? වගාවට හොදම ක්‍රමය ගැන දැනුවත් වෙමු
අපගේ මෙහෙවර
මනා සම්පත් කළමනාකරණයක් තුළින් මධ්‍යම පළාත තුළ කෘෂිකර්ම, සුළු වාරිමාර්ග, සත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර, පරිසර කටයුතු, හින්දු සංස්කෘතික කටයුතු හා වතු යටිතල පහසුකම් සංවර්ධන යන ක්ෂේත‍්‍රවල තිරසාර සංවර්ධනය උදෙසා ප‍්‍රතිපත්ති හා සැලසුම් සකස් කර ක‍්‍රියාත්මක කිරීම, සම්බන්ධිකරණය හා මෙහෙයවීම තුළින් කෘෂිකර්ම නිෂ්පාදනවල අගය ගුණාත්මකව හා ප‍්‍රමාණාත්මකව වර්ධනය කිරීමෙන් ව්‍යවසායකත්ව කෘෂිකර්මාන්තයක් සකස් කිරීම, පෝෂණ ඌණතා තුරන් කිරීම, වතු හා ග‍්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම, හින්දු ජනතාවගේ සංස්කෘතිමය අභිවෘද්ධිය සැලසීම, නව්‍ය හා වානිජමය නැඹුරුතාවයකින් යුතු තාක්ෂණික දැනුම හා ශිල්ප ක‍්‍රමඋපයෝගි කර ගනිමින් ප‍්‍රශස්තව සම්පත් උපයෝජනය තුළින් විෂයානුබද්ධ ක්ෂේත‍්‍රයන්හි ඵලදායිතාවය නංවාලීම.
දැන්වීම් පුවරුව
අපගේ නවතම පුරප්පාඩු, බඳවා ගැනීමේ නිවේදන, ටෙන්ඩර් නිවේදන ආදිය පිළිබඳව දැන ගැනීමට අපගේ දැන්වීම් පුවරුවට පිවිසීමට මෙතන ක්ලික් කරන්න.
පුවත් සහ සිදුවීම්
2026 සංවර්ධන වැඩසටහන සමාලෝචනය
මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ 2026 සංවර්ධන වැඩසටහන සමාලෝචනය කිරීම සදහා කෘෂිකර්ම හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මැතිතුමා , නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ජී විජේරත්න මැතිතුමා ඇතුළු මහජන නියෝජිතයන් සහභාගි විය. 2026.2.25 දින පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මෙම අවස්ථාව සදහා අමාත්‍යාංශ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා,පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ,පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ,පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ඇතුළු දෙපාර්තමේන්තු විධායක නිලධාරීන් හා අමාත්‍යාංශ මාණ්ඩලික නිලධාරීන් ප්‍රමුඛ කාර්‍ය මණ්ඩලය සහභාගි විය.
පේරාදෙණිය දුම්රිය ස්ථානයේ රුක් රෝපණ වැඩසටහන
පේරාදෙණිය දුම්රිය ස්ථානය පරිසර හිතකාමී ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම අරමුණු කරගෙන අමාත්‍යාංශයේ පරිසර අංශය මඟින් රුක් රෝපණ වැඩසටහනක් 2021 සැප්තැම්බර් මස 21 දින ආරම්භ කර අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනකි. විශේෂයෙන්ම පරිසරයට අලංකාරයක් එක්කරනු ලබන ගස් වර්ග රෝපනය කිරීමත්, දුම්රිය දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධ වැඩසටහනක් ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් තීරණය විය. මෙහිදී මෙම වැඩසටහන ඉතාමත් කාලෝචිත වැඩසටහනක් බව මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර ලලිත් යූ. ගමගේ මැතිතුමා ප්‍රකාශ කරන ලදී. මෙම වැඩසටහන පසුගිය වර්ෂය තුල සිදු කරන ලද පරිසර අංශයේ සාර්ථක වැඩසටහනකි.
මධ්‍යම පළාත් කෘෂිකර්ම සංවර්ධනයේ ප්‍රතිලාභ ගොවින් අතට
මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මැතිතුමාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණයට සමගාමීව , මහනුවර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය මගින් ක්‍රියාත්මක කල වැඩසටහන් වල ප්‍රතිලාභ ගොවීන් අතට පත් කිරීම 2021/12/15 දින කුණ්ඩසාලේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ දී සිදු කරන ලදී. මෙම අවස්ථාව සදහා ගරු ආණ්ඩුකාරතුමා, මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති තුමන්, ආණ්ඩුකාර තුමාගේ සම්බධීකරණ ලේකම්, ආණ්ඩුකාර ලේකම් ,කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන), පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ,අතිරේක පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ඇතුළු රාජ්‍ය නිලධාරින් සහභාගි විය.. මහනුවර නවයාලතැන්න කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ NVQ (level 4) පාඨමාලාව හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25 දෙනෙකු වෙත සහතික පත්‍ර ප්‍රදානයද මෙහිදී සිදු කරන ලදී.
සරුබිම පැල නිෂ්පාදකයින්ගේ සංගමය
මහනුවර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම උපදේශක කොට්ඨාශ 05ක (බෝවල,තලාතුඔය, යටිවාවල,ගිරාගම,ඒදඩුවාව) පැල තවාන් හිමිකරුවන් සියල්ලම එකතුකර සරුබිම නමින් පැල නිෂ්පාදකයින්ගේ සංගමයක් ආරම්භ කර ඇත. එම සංගමයට මූලික අවශ්‍යතාවයක්ව පැවති නිෂ්පාදන අලෙවිකර ගැනීමේ ස්ථානයක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ගැටඹේ කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රය ආසන්නයේ ආරම්භ කරන ලදී. මෙම ස්ථානයේ සියළුම රෝපන ද්‍රව්‍ය, පැල හා බීජ, පොහොර වර්ග, අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් (කෘෂි උපකරණ, මල්පෝච්චි යනාදි) මිලදී ගත හැකිය. ඉදිරියේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත පැල හා බීජ නියෝජිත ආයතනයක් ලෙසද මෙම සංගමයට කටයුතු කිරීමට අවස්ථාව උදාකර ඇත. මෙම අලෙවි මධ්‍යස්ථානය පළාත් කෘෂිකර්ම ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් 2022/09/23 දින විවෘත කරන ලදී.
තොරතුරු ලබා ගැනීමේ අයිතිය (RTI)
නම් කරන ලද නිලධාරී | තොරතුරු නිලධාරී |



















