සමස්ත මිනිස් වර්ගයා හා සතුන් අතර ඇති සම්බන්ධය අවුරුදු 15000ක් පමණ ඈත අතීතයකට දිව යන්නකි. එසේම ලොව විවිධ සංස්කෘතින් තුළ සතුන්, මිනිසුන්ගේ ජීවිකාව හා සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා යොදාගෙන ඇති බවට සාක්ෂි ලැබේ.
පුරාණ ඊජිප්තුව තුළ බළලුන් හා සුනඛයන්ට විශිෂ්ඨ තැනක් හිමි වී ඇති අතර, බළලුන්ගේ පිළිම වලට පූජාවන් පවත්වා ඇති අතර, නිවෙස් ආරක්ෂා කිරීමේ දෙවිවරුන් ලෙසද සලකා ඇත. එසේම, සුනඛයින් තම මරණයෙන් පසු ජීවිතයේ මාර්ගෝපදේශකයන් ලෙස කටයුතු කරන බව විශ්වාස කර ඇත. එසේම තම නිවසේ ඇති කරනු ලබන සුනඛයින් මියගිය විට සුනඛ අයිතිකරු තමන්ගේ ඇහිබැම බූ ගාන අතර හිසේ මඩ තවරා ගනිමින් දින ගණනක් ශෝක වී ඇත. එසේම සුනඛයින් මියගිය පසු සංරක්ෂණය කොට භූමදානය කර ඇත.
සුනඛයින් බොහෝවිට නිවසේ ආරක්ෂකයින්, ගොපල්ලවයින් හෝ දඩයම්වලට සහායකයකු ලෙස යොදාගෙන ඇති අතර, බළලුන් මීයන් වැනි විලෝපිකයින්ගෙන් වගාවන් හා අස්වැන්න ආරක්ෂා කර ගැනීමට නිවස් වල ඇති දැඩි කර ඇත. අවුරුදු 11,000 පමණ පෙර සිට බැටලුවන් ප්‍රථම ගෘහස්ථ සතුන් ලෙස යොදාගෙන ඇති අතර ගවයන් ගෘහස්ථ සතුන් ලෙස යොදාගැනීම මීට වසර 10,500 කට පෙර මැදපෙරදිග රටවලින් ආරම්භ වී ඇත.
පසුකාලයේදී එළුවන්ද ඌරන් හා අශ්වයින් ගෘහාශ්‍රිත සතෙකු බවට පත්විය. කුකුළන් ගෘහාශ්රීතව ඇතිකරන විට අවුරුදු 5000 පමණ ප්‍රථම වන අතර දකුණු ආසියාව රටවල් වන තායිලන්තය, ඉන්දියාව වැනි රටවල් පිළිබඳ ඉතිහාසයේ සඳහන් වේ. ගෘහශ්‍රිත කුකුළන් ලෙස අප හඳුනාගන්නා සතුන් වන ආශ්රිත ජීවත් වූ ගිනි කුකුළන්ගෙන් (Red jungle fowl) පැවත එන බව විශ්වාස කෙරේ. කුකුළන් ගෘහාශ්‍රිත වූ පසු එම සතුන් මස් පිණිස මෙන්ම ඇදහිලි හා විවිධ තරඟවලට යොදාගත් බවට ඉතිහාසය සාක්ෂි සපයයි.
වර්තමාන තත්වය
කෙසේ වෙතත් වර්තමානය වන විට සුරතල් සතුන් ලෙස, බළලුන් හා බල්ලන් ඇතිකිරීම බොහෝ අයගේ විනෝදාංශයක් බවට පත්වී තිබේ. එසේම, සුරතල් සතුන් සහ මිනිසා අතර ඇති බැදිම පෙර පැවතියාට වඩා වර්ධනය වී තිබීම විශේෂත්වයකි. මේ අනුව අද බොහෝ ශ්‍රි ලාංකික නිවෙස්වල බළලෙක් හෝ සුනඛයෙක් හෝ බළලුන් හා සුනඛයන් දෙවර්ගයට අමතරව විවිධ පක්ෂීන් ඇති දැඩි කිරීම විනෝදාංශයක් ලෙස සිදුවේ.
ශ්‍රි ලංකාවේ ගවයින්, එළුවන්, ඌරන් හා කුකුළන් ඇතිකිරීම ගෘහාශ්‍රිතව කර්මාන්තයක් ලෙස ආරම්භ වුවද වර්තමානය වන විට එය වාණිජ මට්ටමක් දක්වා සංවර්ධනය වී තිබේ. එසේ වුවත් අද වන විට ග්‍රාමීය ප්‍රදේශවල කෘෂිකර්මාන්තය හා එකාබද්ධව හා ගෘහාශ්‍රිත ලෙස ගවයන්, එළුවන්, ඌරන් හා කුකුළන් වැනි සතුන් ඇති කරනු ලබයි.
අපහරණ ක්‍රමවේද
ගෘහාශ්‍රිතව ඇති කරනු ලබන සුරතල් සතුන් මෙන්ම සත්ව නිෂ්පාදන කටයුතුවලදී යොදාගත් සතුන්ද වාණිජ වශයෙන් ඇතිකරනු ලබන සතුන්ද යම් යම් හේතුන් නිසා මියයාම අප දන්නා කරුණකි. විවිධ රෝගකාරක හේතුවෙන් මියයන සියලුම සතුන් විද්‍යානුකූල බැහැරකළ යුතු බව අප අවබෝධ කොට ගත යුතුය. නොඑසේනම්, සතුන් අතර රෝග ව්‍යාප්ති වීමත් හෝ සමහර විට එම රෝගකාරක මිනිසාගේ සෞඛ්‍යයට තර්ජනයක් වීමට ඉඩ ප්‍රස්ථාවන් ඇත. එසේම ගොඩබිම ජලය හා වාතය දූෂණය වීම නිසා විවිධ වූ පාරිසරික ගැටලුවලට මුහුණ දීමට සිදුවේ.
එමනිසා, මියයන සතුන් අපහරණය පිළිබද අවබෝධයක් ලබාදීම වැදගත් වේ. ලෝකයේ විවිධ රටවල විවිධ ක්‍රමවේද මේ සඳහා භාවිතා කරන අතර විවිධ ආයතන මඟින් ඒ සඳහා පහසුකම් සලසා ඇත. එම ආයතන මුදල් අයකර හෝ අය කිරීමකින් තොරව සිදුකර මියගිය සතුන් අපහරණ සිදුකිරීම භාරගනී. එනමුත් ශ්‍රි ලංකවේ එවැනි ක්‍රමවේදයක් මේ වනවිට ක්‍රියාත්මක නොවේ. එමනිසා එවැනි ක්‍රමවේද ආරම්භ කිරීම හා ඒ පිළිබඳ විද්‍යාත්මක පසුබිමක් සකස් කර දීමට අදාළ සියලු ආයතන එක්ව කටයුතු කළ යුතු කාලයක් එළඹි ඇත. මන්ද යත් සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන රෝගකාරක ඉතා භයානක වීමට ඉඩ ඇති බැවිනි.
ලෝක සත්ත්ව සෞඛ්‍යට සංවිධානය The word organization for Animal Health/ office International des Epizooties නම් වූ ජාත්‍යන්තර සංවිධානය සතුන් අපහරණය සඳහා ක්‍රම 11 ක් නිර්දේශ කර ඇත. එම ක්‍රමවේද එකක් හෝ කීපයක් භාවිතාකොට සතුන් අපහරණය කළයුතු බවට ලෝකයේ සියලුම රටවල් එකඟතාවයකට පැමිණ ඇත.
ශ්‍රි ලංකාවද එම එකඟතාවයට යටත් සේ කටයුතු කළයුතු බැවින් සතුන් අපහරණ ක්‍රමවේද සරල ලෙස අවබෝධ කොට ගැනීම වැදගත් වේ.
සතුන් අපහරණ කරනු ලබන අනුමත ක්‍රමවේද
- පරිවර්තනය හා භාෂ්මිකරණය කිරීම (Rendering and Incineration)
- ජීවප්රසාදනය (Bio-refining)
- මැරුණු සතුන් මුහුදට අපහරණය කිරීම (Dead animal disposal at sea)
- සුළං පටක භාෂ්මිකරණය (Air curtain incineration)
- දර සෑයක දැවීම (Pyre Burning)
- ජීවවායුව නිපදවීම (Bio gas production)
- පරිවර්තනය කිරීම (Rendering)
- හයිඩ්රොලයිසිස් (දියකිරීම)කිරීම (Alkaline Hydrolysis)
- කොම්පෝස්ට් කිරීම (Composting)
- සමර්පිත භාෂ්මිකරණය (Incineration in a dedicated facility)
- භූමදානය කිරීම. (Burial)
ඉහත සඳහන් ක්‍රමවේද එකක් හෝ කීපයක් භාවිතා කොට ඔබගේ නිවසේ ඇති කරනු ලබන සුරතලා හෝ ගවයන්, එළුවන්, ඌරන්, කුකුළන් වැනි සතුන් අපහරණය කොට පරිසරය සුරැකීමටත් මිනිසාගේ හා සියලු සත්ත්වයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාකර ගැනීමට සක්‍රියව දායකත්වය ලබාදෙමු.
| | | ||||
|
|
|
|
||
| | | ||||
|
04. සුළං පටක භාෂ්මිකරණය (Air curtain incineration)භාෂ්මිකරණයේම වැඩිදියුණු කළ අවස්ථාවක් ලෙස මෙම ක්‍රමය හඳුන්වාදිය හැක. පංකා යොදාගෙන එමඟින් නිපදවෙන වේගවත් සුළං කවුඵවක් තුලින් යැවීමත්, එමඟින් භාෂ්මිකරණය වේගවත් කිරීමත් මෙහිදී සිදුවේ. මෙම ක්‍රමවේදය මඟින් භාෂ්මිකරණයට වඩා හයගුණයක් පමණ වේගවත් ලෙස සතුන්ගේ සිරුරු අඵ බවට පත් කළ හැකිවීම විශේෂත්වයකි. මෙම ක්‍රමවේදයේදී කාර්යක්ෂම ලෙස විෂබීජහරණය සිදුවන අතර මෙම උපකරණය පහසුවෙන් එහා මෙහා ගෙනයාමට හැකි නිසා මැරුණු සතුන් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය නොවේ. |
05. දර සෑයක දැවීම (Pyre Burning)ගොවිපල තුලදී මැරුණු සතුන් අපහරණය සඳහා යොදාගත හැකි පහසු ක්රමවේදයකි. මෙම ක්ර මයේදී මැරුණු සතුන් විවෘත ස්ථානයක දරසෑයක් යොදාගනිමින් භාෂ්මිකරණයට ලක්කෙරේ. සතුන් ප්‍රවාහනය කිරීම සිදුනොකිරීම මෙම ක්රමයේ වාසියකි. එසේ වුවත්, සෑය සම්පූර්ණයෙන්ම දහනය සඳහා වැඩි කාලයක් වැයවේ. එසේම, මැරුණු සතුන්ගේ දේහයේ තිබුනු විෂබීජ හා කෝෂ විනාශ වූවාදැයි සහතික විය නොහැක. සමහර අවස්ථාවලදී සිරුර සමපූර්ණයෙන්ම දහනය නොවීමටද පුඵවන. විවෘත ස්ථානයක සතුන් දැවීම නිසා සමහරවිට අසල්වාසීන්ගේ පැමිණිලි ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්වේ. |
|
||
| | | ||||
|
|
|
09. කොම්පෝස්ට් කිරීම (Composting)මෙම ක්‍රමවේදය මඟින් මැරුණු සතුන්ගේ දේහය මූලික කාබනික අංශු බවට පත්කෙරේ. ඒ සඳහා ක්ෂද්‍රජීවින්, බැක්ටීරියා හා දිලීර උපකාරි වේ. මෙම ක්‍රමය ආර්ථිකව වාසිදායක වන අතර, නිවැරදිව සිදුකිරීමෙන් වාතය, ජලය දූෂණය වීම අවම වේ. එසේම භූමදානය කිරීම හා භාෂ්මීකරණය අපහසු ප්‍රදේශවල මෙම ක්‍රමය භාවිතයට ගත හැකි වේ. කොම්පෝස්ට් සකස්කිරීම මඟින් මැරුණු සතුන්ගේ සිරුරේ අඩංගු අහිතකර, රෝගකාරක විනාශයට පත්වේ.කොම්පෝස්ට් සකස්කිරීම සඳහා උචිත ස්ථානයක් තෝරාගැනීම ඉතා වැදගත්වන අතර, එසේ නොවුනහොත් කාබනික ද්‍රව්‍ය හා පෝෂ්‍ය කොටස් වැසි ජලය සමඟ එක්වීම හා පොළොව තුලට ගලා යයි. කොම්පෝස්ට් සදහා භාවිතා කරන ද්‍රව්‍ය හොඳින් මිශ්‍රකිරීම හා එමඟින් සම්මත තත්වයන් කොම්පෝස්ට් මිශ්‍රණයේ ආරක්ෂා කරගැනීම මඟින් කොම්පෝස්ට් ක්‍රියාවලිය වේගවත් වන අතර, ගන්ධය නිකුත්වීම හා මීතේන්, නයිට්රජන් ඔක්සයිඩ් වැනි වායු වර්ග නිකුත්වීම නවතී. එසේම, කොම්පෝස්ට් මිශ්‍රණයේ උෂ්ණත්වය ආරක්ෂා කර ගැනීමට වගබලාගත යුතු අතර මිශ්‍රණයේ තෙතමනය අවශ්‍ය ප්‍රමාණයට පවත්වා ගත යතුය. කොම්පෝස්ට් සකස්කිරීමේදී පිදුරු, ලී කුඩු, කුකුඵ අතුරුණුව වැනිදෑද මැරුණු සතුන්ගේ සිරුරුද යොදා ගත හැක. |
||
| | | ||||
|
|
|

වෛද්‍ය කේ. එම්. එච්. සරත් ප්‍රියන්ත
නියෝජ්‍ය අධ්යක්ෂ - සැලසුම් හා ආර්ථික
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව












