How to Prevent Rabies

අපි මොකටද කොලෙස්ටරෝල් වලට ඕනැවට වඩා බය වෙන්නේ

6 cholesterol 01

ආචාර්ය ආනන්ද චන්ද්‍රසේකර පෝෂණවේදය පිළිබඳ නව පර්යේෂණ රාශියක් කල පෝෂණ විද්‍යාඥයෙකි. පර්යේෂණ ඇසුරින් ආහාර හා පොෂණ විද්‍යාව පිළිබඳ විද්‍යාත්මක මත රැසක් පලකරන ආචාර්ය ආනන්ද චන්ද්‍රසේකර මහතා කොලොස්ටෙරෝල් (Cholesterol) සම්බන්ධයෙන් දැක්වූ අදහස් ගොවිසවිය සඟරාවේ පාඨකයින්ගේ දැනුවත් වීම සඳහා මෙසේ ඉදිරිපත් කරන අතර බිත්තර අනුභව කිරීමේදි බිත්තරවල ඇති කොලොස්ටෙරෝල් සම්බන්ධව විශේෂයෙන් ඔහු අදහස් පල කර ඇත.

කොලෙස්ටරෝල් කියන දේ ගැන අහන්න පවා අද සමහරු බයයි. ඒත් මම වගකීමෙන් කියනවා ඒක බියවිය යුතු දෙයක් කොලොස්ටෙරෝල් අපේ ශරීරයේ වර්ධනය හා පැවැත්ම උදෙසා අත්‍යාවශ්‍යම සංඝටකයක්. ශරීරයේ සෛලවල පිට ආවරනය සාදන්න අත්‍යාවශ්‍යම හෝර්මෝන නිර්මාණය කරන්න,“ඩී” විටමින් ඇතුළු අත්‍යාවශ්‍යම විටමින් වර්ග සාදාගන්න අපට කොලොස්ටෙරෝල් උපකාරි වෙනවා.

 සමහරු තුළ වැරදි මතයක් තියෙනවා කොලොස්ටෙරෝල් අපේ ශරීරයට ඇතළු වන්නේ අපි කන ආහාර මඟින්ය කියලා. ඒ කියන්නේ මස්, මාළු, කිරි, බිත්තර, පොල්තෙල් වලින් පමණක් කොලොස්ටෙරෝල් ශරීරයට ඇතුළු වෙනවා කියලා හිතලා ඒවා නොකා ඉන්නවා. නමුත් ඇත්තටම අපේ ශරීරයට අවශ්‍ය කොලොස්ටෙරෝල් ප්‍රමාණය ලබා ගන්නේ කෑම වලින්ම නොවෙයි.6 cholesterol 04 කෑමවලින් කොලොස්ටෙරෝල් ලබා ගන්නේ 30%.ඉතිරි 70% ම අපේ අක්මාව තුළ නිපදවා ගන්නා බව හුඟ දෙනෙක් නොදන්නා කරුණක්. අපේ අක්මාවට පුළුවන් දවසකට කොලොස්ටෙරෝල් මිලි ග්‍රෑම් 1000 ක් නිෂ්පාදනය කරන්න. නමුත් අපේ ශරීරයට අවශ්‍ය දෛනිකව අවශ්‍ය වන්නේ මිලි ග්‍රෑම් 300 වගේ ප්‍රමාණයක්. මේ කොලොස්ටෙරෝල් ප්‍රමාණය නිපදවන්නේ අපි කන ආහාරවල තියෙන කොලොස්ටෙරෝල් වලින් නෙමෙයි.අපේ ඇගේ ඉතිරිවෙලා තියෙන අමතර ශක්තියෙන්.

ඒ කියන්නේ අපි කන ඕනැම දෙයක්, විශේෂයෙන්ම පිටි කෑම වර්ග වන පාන්,බත්,අල වර්ග,රොටී ආදියත් සීනි කෑම තෙල් කෑම ආදි සියල්ලත් දහනය වෙලා ශරිරයේ තැන්පත් වෙන්නේ අමතර ශක්තියක් හැටියටයි. අන්න ඒ අමතර ශක්තිය යොදාගෙන තමයි අක්මාව විසින් කොලොස්ටෙරෝල් නිෂ්පාදනය කරන්නේ.

ඒ වගේම අපි ආහාරයට ගන්නා මස්, මාළු,කිරි, බිත්තරවල යම් ප්‍රමාණයක් කොලොස්ටෙරෝල් තියෙනවා.නමුත් ඒ ඔක්කෝම ප්‍රමාණය ශරීරයට අවශෝෂණය කර ගන්නේ නැහැ.බොහෝ ප්‍රමාණයක් ශරිරයෙන් පිට කරලා හරිනවා.

ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන එහෙම නැත්නම් ලේ වල තියෙන කොලොස්ටෙරෝල් ප්‍රමාණයයි ආහාරවලින් හැදෙන කොලොස්ටෙරෝල් ප්‍රමාණයයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. මේ කාරණය තව දුරටත් විස්තර කළොත් කොලොස්ටෙරෝල් (Cholesterol) කියන්නේ සත්වයන්ගෙන් එන ලිපිඩ වර්ගයකටයි. ශාකවල කොලෙස්ටරෝල් නැහැ. ශාකවල තියෙන්නේ ෆයිටො ස්ටැරෝල් (phytostarol) කියලා වර්ගයක්. ෆයිටො කියන්නේ ශාක, ස්ටැරෝල් කියන්නේ ලිපිඩ. ඒ අනුව ෆයිටොස්ටැරෝල් කියන්නේ ශාක මඟින් හැදෙන ලිපිඩ තෙල් වර්ගයකට. සමහර නිෂ්පාදකයො වෙළෙන්දෝ ශාකවලින් හදන ආහාරවල ලේබල් ගහනවා. කොලෙස්ටරෝල් ෆ්‍රී (cholesterol free) කියලා. එහෙම අමුතුවෙන් ලේබල් ගහන්න අවශ්‍ය නැහැ. ශාක වලින් ගන්නා ආහාර වල කොලොස්ටෙරෝල් නැහැ තමයි. එහි තියෙන්නේ ෆයිටොස්ටැරෝල් විතරයි. ඒවයි ඇගේ තියෙන කොලොස්ටරෝලුයි අතර සම්බන්ධයක් නැහැ. හැබැයි ශාක ආහාර ගත්තම ඉතාම හොඳ දෙයක් වෙනවා. ෆයිටොස්ටැරෝල් ශරිරයට උරා ගන්න බැහැ. හැබැයි එමගින් ශරීරය උරා ගන්නා කොලොස්ටෙරෝල් ප්‍රමාණය අවම කරනවා. මොකද අවශෝෂණය සදහා කොලොස්ටෙරෝල් හා ෆයිටොස්ටැරෝල් කියන දෙකම තරඟ කොට කොලොස්ටෙරෝල් දුර්වල වෙනවා. මේ නිසා තමයි ශාකමය ආහාර, පිටිමය ආහාර හා මාංශජනක ආහාර සමබර විදිහට ගන්න කියන්නේ මේ නිසා. මස්, මාළු, කිරි, බිත්තර ආදි මාංශජනක ධාතු අඩංගු ආහාර ගැනීමේදි අපි තවදුරටත් හිතේ තියාගෙන ඉන්න වැරදි ආකල්පය දැන්වත් ඉවත් කළ යුතුයි. සමහර අය ලාබෙටම ප්‍රෝටින් හා විටමින් ගන්න තියෙන මාර්ගය වන බිත්තර නොකා ඒ වෙනුවට ලොකු බත් පිගානක් හරි පාන් තුන් කාලක් හරි කනවා පරිප්පු හෝ වෙනත් හොදි වර්ගයක් සමඟ.ඒකෙන් වෙන්නේ බිත්තරයෙන් කෙලින්ම ලැබෙන ප්‍රෝටින් හා අනෙකුත් යහපත් පේෂ්‍ය කොටස් නොලැබී යනවා.ඒ වෙනුවට පාන් කනකොට ඇඟට පිටි ලැබිලා ග්ලූකෝස් බවට පත්වෙලා ඒවා අමතර ශක්තිය ලෙස ශරිරයේ තැම්පත් වෙලා අර බිත්තරයේ තියෙන ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයක් වැඩි කොලොස්ටෙරෝල් ප්‍රමාණයක් අක්මාවෙන් බිහි කරනවා.ඕවා තමා අපේ වැරදි ආහාර පුරුදු.

 

6 cholesterol 03මේ කාරණය තව දුරටත් විස්තර කරන්නේනම්, බිත්තර වල කොලොස්ටෙරෝල් ඇත්තෙම නැද්ද කියලා කවුරු හරි ඇහුවොත් ඒකට උත්තරේ තමා ඔව් තියෙනවා කියන එක බිත්තරයක කොලොස්ටෙරෝල් මිලිග්‍රෑම් 185 ක් විතර තියෙනවා. හැබැයි අක්මාවට පුළුවන් දිනකට මිලිග්‍රෑම් 1000 ක් නිපදවන්න. හැබැයි ශරීරයට දිනකට උවමනා කරන්නේ කොලොස්ටෙරෝල් මිලිග්‍රෑම් 300 යි. අපි බිත්තරයක් කෑවම එහි තිබෙන මුළු කොලොස්ටෙරෝල් ප්‍රමාණයම අවශෝෂණය කර ගන්නේ නැහැ. සමහර විට මිලිග්‍රෑම් 100 ටත් වඩා අඩු විය හැකිය. මොකද බිත්තරවල තියෙනවා කොලොස්ටෙරෝල් අවශෝෂණය කරගැනීමට පටහැනිව ක්‍රියාකරන ලිසිතින් කියලා එන්සයිමයක්. සෝයාවලත් මේ එන්සයිමය තියෙනවා ඉන් කොලොස්ටෙරෝල් අවශෝෂණය අඩු කරනවා. ඊට අමතරව බිත්තරවල තියෙනවා අසංතෘප්ත මේද අම්ල (Unsaturated fat) කියලා ලිපිඩ: තෙල් වර්ගය විශාල ප්‍රමාණයක්. මේවා මඟින් ශරීරයේ හැදෙන කොලොස්ටෙරෝල් ප්‍රමාණය බාල කරනවා. සංතෘප්ත මේද අම්ල (Saturated) කියන කොලොස්ටෙරෝල් හදන තෙල් වර්ගය බිත්තරවල නැහැ. බිත්තරවල තියෙන්නේ කොලොස්ටෙරෝල් අඩු කරන මේද අම්ලය විතරයි. ඒ නිසා ඔබට කියන්නේ බය නැතුව බිත්තර කන්න කියලා.

 

ඉහත කාරණය සම්බන්ධයෙන් තව දුරටත් විස්තර කලොත් අපේ ඇඟේ ලේවල තියෙනවා කොලොස්ටෙරෝල් ස්වභාවයන් දෙකක්. එකක් අපි එල්.ඩී.එල් (LDL) මේවා තමයි සාමාන්‍යයෙන් නරක කොලොස්ටෙරෝල් කියලා හදුන්වන්නේ.අනිත් වර්ගය තමයි එච්.ඩී.එල් (HDL) ඒක සාමාන්‍යයෙන් හොඳ කොලොස්ටෙරෝල් කියලා හදුන්වනවා මේ වර්ග දෙකෙන් (LDL) කොලොස්ටෙරෝල් තමයි භයානක මොකද මේවා ඇඟ පුරා ලේ සමඟ ගිහින් නහරවල බිත්තිවල මේදය තැන්පත් කරන එක තමයි කරන්නේ.6 cholesterol 02 මේක තමයි ප්‍රෙෂර්, කොලොස්ටෙරෝල් වැනි තත්වයන්ට හේතු සාදක වෙන්නෙ (HDL) කොලොස්ටෙරෝල් වාහකය මඟින් කරන්නේ එසේ තැම්පත් කරලා තියෙන මේදය ගලවාගෙන අක්මාවට ගේන එක බිත්තරයක් ගත්තොත් එහි සුදුමදය පොඩ්ඩක්වත් අගුණ නැහැ. මොකද සුදු මදය පුරාම තියෙන්නේ ප්‍රෝටීන්. බිත්තරවල 94% ක් ප්‍රෝටීන් තියෙනවා. මෙම ප්‍රමාණය අනෙකුත් සත්ව ආහාර සමඟ සන්සන්දනය කළොත් කිරිවල ප්‍රෝටීන් 86.5 % ක්. මස්වල 76% ක් විදිහට තමයි තියෙන්නේ. එතකොට අපිට පේනවා බිත්තර ග්‍රෑම් 100 ක් ගත්තොත් ප්‍රෝටීන් කොපමණ තියෙනවද කියලා.

බිත්තර කහමදය ගත්තොත් එහි තියෙනවා සී විටමින් හැරුණු කොට අනෙකුත් අත්‍යවශ්‍ය විටමින් වර්ග සියල්ලම ඊට අමතරව අයඩීන්, සින්ක්, කැල්සියම් යකඩ හා සෙලීනියම් ආදි අත්‍යවශ්‍ය ඛණිජ ලවනත් බිත්තර කහ මදයේ තියෙනවා. ඊට අමතරව තමයි මේ අපි හැමෝම බය කරලා තියෙන තෙල් හා කොලොස්ටෙරෝල් තියෙන්නේ. නමුත් ඉහතදී සදහන් කල විදිහට බිත්තර වල කහ මදයේ තියෙන ශරීරයට හිතකර අසංතෘප්ත මේද අම්ල වලින් ශරීරයේ හොඳ කොලොස්ටෙරෝල් වාහකය (HDL) වැඩි කරනවා. ඉතිරි කොලොස්ටෙරෝල් ප්‍රමාණයට බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒ මිලිග්‍රෑම් 185 ම ශරීරයට අවශෝෂණය කර ගන්නේ නැති නිසා

මේවා පර්යේසන මඟින් තහවුරු කරපු කාරණා.ඒ නිසා මේ කරුනු ඕනෑම සංවාදයකදී ඔප්පු කරන්න පුළුවන්. ඔන්න ඔය කාරනා අනුව අපි මොකටද කොලොස්ටෙරෝල් වලට ඕනැවට වඩා බය වෙන්නේ?

 

මහාචාර්ය ආනන්ද චන්ද්‍රසේකර
පර්|යේෂණ විද්‍යාඥ
වයඹ විශ්ව විද්‍යාලය

Related Articles

රාජ්‍ය තොරතුරු මධ්‍යස්ථානය (GIC)

Visit Government Information Center - Sri Lanka

අප අමතන්න

Reach us තැ.පෙ. 65
ගැටඹේ, පේරාදෙණිය
ශ්‍රී ලංකාව
+94 812 388336