අතමිට සරු කරන ලොකු ළූණු වගාවේ ගුණාත්මක අස්වැන්නක් සඳහා බිංදු ජල සම්පාදන භාවිතය.
මෙරට වාර්ෂිකව ලොකු ළූණූ මෙ.ටොන් 280000ක ජාතික අවශ්‍යතාවයක් පවති. වර්තමානයේ දී නිෂ්පාදනය කරනු ලබන්නේ මෙ.ටොන් 50000 - 60000ක පමණ ප්‍රමාණයකි. ඉහත ඉලක්කය සැපිරිම සඳහා වන අභියෝගතා අතර ඒකක අස්වැන්න ඉහළ නැංවිම, මනා ජල කළමණාකරනය, පෝෂක කළමනාකරණය හා කම්කරු ශ්‍රමය ලබා ගැනීම ආදි කරුණු සඳහා වර්තමානයේදි වැඩි වශයෙන් සලකා බැලිය යුතුව ඇත.
එමගින් නිෂ්පාදන පිරිවැය තීරණය කරනු ලබයි. ඒ අනුව මෙහි වඩා ඵලදායි තාක්ෂණ භාවිතයක් ලෙස මීට කන්න කිහිපයකට පෙර මහ ඉළුප්පල්ලම ක්‍ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් හඳුන්වාදුන් තාක්ෂණික කට්ටලයක් වන බිංදු ජල සම්පාදන තාක්ෂණ පද්ධති ලොකු ළූණූ වගාව සඳහා මධ්‍යම රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මුල්‍ය දායකත්වයෙන් හා මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පූර්ණ තාක්ෂණික අනුග්‍රහය ඇතිව මේ වන විට ලොකු ළූණූ වගාව සඳහා හඳුන්වාදෙනු ලැබේ. එමගින් 2022 යල කන්නයේ දී ගුණාත්මක ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ
බිංදු ජල තාක්ෂණය භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ
- හෙක්ටයාරයට කිලෝ 40000 ක අස්වැන්නක්
- මතුපිට ජල සැපයුමට වඩා 60% ක ජල ඉතිරියක්
- ජල සම්පාදනය, වල් මර්ධනය හා පොහොර සැපයීමට අවම ශ්‍රමයක්
- රසායන පොහොර බෝග වර්ධනය අනුව පද්ධතිය මගින් සැපයීමේන් ඒකාකාර අස්වැන්නක් හා අවම පිරිවැයක් ජලසම්පාදනයට වැය වන බලශක්ති ඉතිරියක් , විශාල ශ්‍රම ඉතිරියක් , පද්ධතිය නඩත්තුව ඉතාම පහසුවන ලෙස සකසා ඇත. රෝග පළිබෝධ හානි අවම ගුණාත්මක ලොකු ළූණු අස්වැන්නක්.
බිංදු ජල සම්පාදන පද්ධති ලොකු ළූණූ වගාව සඳහා භාවිතයේ තාක්ෂණ කට්ටලය ක්ෂේත්‍රයේ භාවිතය
බිම් සැකසීම
- මුලික බිම් සැකසීම
තැටි නගුල, මෝල් බෝල්ඩ් නගුල ආදාරයෙන් අගල් 8 -10 ගැඹුරට බිම පෙලීම, ද්විතීකවකැට පොඩිකර සියුම් වයනයක් ලෙස පස සකසා ගැනීම.ක්ෂේත්‍රයේ වැඩි ජලය හොදින් ඉවත්කල හැකි පරිදි කානු පද්ධතිය සහිතව පාත්ති වෙන් කිරීම කල යුතුයි. - පාත්ති සැකසීම
වගා පාත්තියක් සැකසීමේ දි පළල මීටර 01ක් වන ලෙස හා දිග පාත්තියක් මීටර 20 ක උපරිමයක් සහිතව පාත්ති සැකසීම. දෙපස කානුව පළල හා ගැඹුරු අගල් 9 ක පමණ තිබීම ජලවහනයට වැදගත් වේ. - කාබනික පොහොර හා මූලික රසායන පොහොර යෙදීම.
පැළ සිටුවීමට අවම දින දෙක තුනකට ප්‍රථම අනිවාර්යයෙන් වගා පාත්ති සඳහා කාබනික පොහොර වර්ග මීටරයට කිලෝ ග්‍රෑම් 1- 1.5 ක් යෙදීම. (ගොම පොහොර,කොළ පොහොර, කොම්පෝස්ට්, හොදින් දිරූ කුකුළ් පොහොර) කාබනික පොහොර යොදා පාත්තියේ මතුපිට පස සමඟ කවලම් කල යුතුය. ඒ සමඟ මූලික රසායන පොහොර නිර්දේශය ද පසට එක් කිරීම කරන්න.
බිංදු ජල පද්ධතිය ක්ෂේත්‍රයේ පිහිටුවීම
ඉහත රූපයේ පරිදි ක්ෂේත්‍රයේ බිංදු ජල පද්ධතිය ස්ථාපනය කරගත යුතුය.
- පාත්තියේ පළල මීටර් 1 ක්
- එක් පාත්තියක දිග මීටර් 20
- එක් පාත්තියකට පාර්ශ්වික නල 02 02 කි
- පාර්ශ්වික නලයක විසර්ජක (ඩ්‍රිපර්) දෙකක් අතර පරතරය 30 cm
- ළූණූ පැළ හා පේළි අතර පරතරය 10 cm
වියලි කලාපයේ පවතින ජලයේ ස්වාභාවය අනුව පද්ධතියට දැල් පෙරන හෝ තැටි පෙරණ (ෆිල්ටර්) භාවිතා කල යුතුයි. මේ පද්ධතිය සඳහා විසර්ජක ( ඩ්‍රිපර්) භාවිතයේදි ස්වයංක්‍රියව ජලය මගින් පිරිසිදු වන වන විසර්ජක භාවිතය පද්ධතියේ නඩත්තුව හා භාවිතය පහසුවේ. පැයට ලීටර 2 හෝ 4 ජලය නිදහස් කරන ඩ්‍රිපර් මේ පද්ධතිය සඳහා යොදා ගනු ලබයි.සියලුම පාර්ශවික නල සවි කිරීමේ අතින් සිදු කල හැකි බැවින් ක්ෂේත්‍රයේ ස්ථාපනය කිරීම මෙන්ම හා වගාව අවසන් විට පද්ධතිය ක්‌ෂේත්‍රයෙන් ගලවා තැබීම ගොවි මහතාට පහසුවෙන් පැය 02 - 03 කින් සිදු කල හැකිය.
පැළ සිටුවීම
තවානේ දින 35 - 40 ගත වූ නිරෝගි දිරිමත් පැළ සිටුවීම සඳහා භාවිතා කරනු ලබයි. සිටුවීමේ දී පේළි අතර හා පැළ අතර සෙන්ටිමීටර 10 ( අගල් 3.5) පරතරයට පැළ සිටුවීම කල යුතුය.
වසුන් යෙදීම
පැළ සිටුවා දින 07 -10 දී පේළි අතර වර්ග මීටරයට පිදුරු ග්‍රෑම් 400-500ක්පමණ භාවිතා කර මතුපිට වසුනක් ලෙස පිදුරු අතුරා ගන්න. මෙමගින් වල් පාලනය හා පාත්ති වියලීම වළක්වා ගත හැක. පසුව පිදුරු පොහොරක් ලෙස ද ක්‍රියාකරන බැවින් එය වැඩි අස්වැන්නක්ලැබීම සඳහා ද බලපානු ලබයි.
ජල සම්පාදනය
- ජල ප්‍රමාණය
බිංදු ජල සම්පාදන පද්ධතියේ පැයකට ලීටර 04 නිකුත් කරන ජල විසර්ජක(ඩ්‍රිපර්) භාවිතා කරන විට වියලි කලාපීය තත්ත්ව යටතේ මැයි,ජුනි,ජුලි මාසවලදී නම් මිනිත්තු 30 ක කාලයක් පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් වගාවට දෛනික අවශ්‍ය බෝග ජල අවශ්‍යතාවය සැපයිය හැකිවේ. - ජලය සපයන කාලය
කෙසේ වුවද දිනක් හැර දිනක් ජල සම්පාදනය කිරීම ලොකු ළූණු වගාවට හා ලොකු ළූණූ බීජ වගාවට ප්‍රමාණවත් වන අතර වර්ෂා සහිත කාලයක නම් ජලසම්පාදන කාලන්තරය දිගු කල යුතුවේ.
පොහොර යෙදීම
පහත වගුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශකර ඇති රසායන පොහොර ප්‍රමාණය වගා වපසරය අනුව ගණනය කර කොටස් වශයෙන් පද්ධතියේ වෙන්චූරි කොටස හරහා වගාවට ලබා දිය හැක. එමගින් බෝග පැළ අසලට පමණක් පොහොර දියකර යෙදීම මගින් පොහොර අනවශ්‍ය ලෙස පරිසරයට මුදා හැරීම හා අපතේ යාම සිදු නොවේ. එමගින් වඩා කාර්යක්ෂමව පොහොර ශාකවලට අවශෝෂණය කිරීමට හැකියාව ලැබේ.
අවස්ථාව |
යුරියා (කි.ග්‍රෑ) |
TSP (කි.ග්‍රෑ) |
MOP (කි.ග්‍රෑ) |
මූලික පොහොර |
26 |
40 |
20 |
මතු පිට පොහොර සති 02 |
26 |
||
මතු පිට පොහොර සති 06 |
26 |
10 |
|
සියලු අවස්ථාවන් සඳහා එකතුව |
78 |
40 |
30 |
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අක්කරයකට නිර්දේශ කර ඇති පොහොර ප්‍රමාණය
අක්කරයක් සඳහා රසායන පොහොර නිර්දේශය බිංදු පද්ධතිය මගින් කොටස් වලට බෙදා ලබා දෙන ආකාරය
අවස්ථාව |
යුරියා (කි.ග්‍රෑ) |
TSP (කි.ග්‍රෑ) |
MOP (කි.ග්‍රෑ) |
මූලික පොහොර පැල සිටුවීමට දින 02ට පෙර පසට එකතු කිරීම - පද්ධතිය යෙදීමට ප්‍රථම යොදන්න |
26 |
40 |
20 |
සති 01 සිට දිනක් හැර දිනක් (අවස්ථා 10 ක් ) පද්ධතිය මගින් ලබා දීම |
2.6 |
- |
- |
සති 04 සිට දිනක් හැර දිනක් (අවස්ථා 10) පද්ධතිය මගින් ලබා දීම |
2.6 |
- |
1(අවස්ථා 10) |
සියලු අවස්ථාවන් සදහා එකතුව |
78 |
40 |
30 |
රෝග හා පළිබෝධ පාලනය
ලොකු ළූණු වගාව සඳහා බහුලවම වැළදෙන රෝග පළිබෝධ අතරින් දිලීර හානි ලෙස ඇන්ත්‍රැක්නෝස් හානිය, දම්පැල්ලම් රෝගය හා දිලීර හා බැක්ටීරියා බල්බ කුණුවීම ප්‍රමුඛ වේ. ඒ සඳහා ජලවහනය දියුණු කිරිම, නිර්දේශය ඉක්මවා පොහොර භාවිත නොකිරීම හා නිරන්තර සුපරික්ෂාවෙන් සිට නිර්දේශිත රෝග හා පලිබෝධ පාලන පැකේජය මුල සිටම ක්‍රියාත්මක කිරීමෙන් රෝග පළිබෝධ පාලනය කල හැකිවේ.
පැළ සිටුවා දින 75 දී වගාවට ජලය සැපයුම නවතා දැමිය යුතුයි. පසුව දින 85 - 90 වන තෙක් ක්ෂේත්‍රයේ අස්වනු නෙලීම දක්වා ලොකු ළූණූ ගසේ ගෙල කොටස ස්වාභාවිකව කඩා වැටෙන තෙක් තැබීම. පසුව අස්වනු නෙලා මද පවනේ දින කිහිපයක් තබා අලෙවිය සඳහා සුදානම් කිරීම හෝ බල්බ ගබඩා කර තබා ගත යුතුයි.
බීජ නිෂ්පාදනය සඳහා මව් බල්බ කල් තබා ගන්නේ නම් ඒ සඳහා ග්‍රෑම් 60 -70 බරැති රෝග පළිබෝධවලින් තොර වු මේරු මව් බල්බ තෝරා ගබඩා කර තබා ගත යුතුයි.
ලොකු ළූණූ වගාව හැරුණු කොටගෙන කෙටි පරතර ඇති එළවළු බෝග සඳහා (බීට්, නෝකෝල්,රාබු, ගෝවා, මල්ගෝවා) වැනි වගාවන් සඳහා ද භාවිතා කල හැකිවීමෙන් භූමි ඵලදායිතාවය ඉහළ නැංවීම තුලින් වැඩි ආදායමක් කන්නයක් තුල ලබා ගත හැකිවීම.
බිංදු ජල සම්පාදන තාක්ෂණ කට්ටලය භාවිතයේ අමතර භාවිතයන්
මිරිස්, මුං, කව්පි, රටකජු , බඩඉරිගු වැනි අතිරේක ආහාර බෝග සඳහා ද ලොකු ළූණු වගාව අවසන් කර භාවිතා කල හැකි වීම.
සැකසුම
සම්පත් ගුණවර්ධන
කෘෂිකර්ම උපදේශක (වි.භා.නි)
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය
දඹුල්ල